බුකියේ මං

27 මට මගේ නොවන මගේම ගොඩක් තිබුණා.

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.♪♫♪♫

මොන හු.........

ජොනාගේ ෆෝන් කට්ට කෑගහන සද්දෙට මට ඇහැරුණේ කුණු හරුප වරුසාවකුත් එක්ක.ඇයි යකෝ මුට ඊයේ රෑත් සුද්ද සිංහලෙන්ම කිව්වා නේ ඔය මගුලේ සිංදුව අයින් කරපන් කියලා.අර චිංචි මානවිකාව කතා කරන වාරයක් පාසාම ඔය මගුල ඇහෙනවනේ.යකෝ මේ හොදට යන ලව් එක,මු තාර බූට්‌ කාපු එකෙක් දාන්න ඕනේ සින්දුවක් දාගෙන ඉන්නේ.

මොකද දරුවා දහසක් බුදුන් බුදු උන මේ වගේ ලස්සන උදේක කුණු හරප කියන්නේ.

අනේ මේ.උඹේ සාහිත්‍ය උඹම තියා ගනින්.ඔය ලබ්බේ සිංදුව අයින් කරලා.

මොකද බන් උඹ ඒකට අකමැති.අහපන්කෝ බන් කොච්චර ලස්සන සින්දුවක්ද?

මේ.මම මොකද අකමැති කියලා උඹට වෙලාවක කියන්නම්.දැනට මම කිව්වා කියලා හිතාගෙන ඕක අයින් කරපන් මයේ දෙය්යෝ.

16 මතක බණ | Recollection


එය ස්ථීරය.ඇය තවදුරටත් මා සමීපයට පැමිණීමට උත්සාහ නොකරනු ඇත.නමුත් ඇයගේ නික්ම යෑම මැදහත් සිතකින් වින්ද ගන්නේ කෙලෙසක දැයි සෑම විටම සිතට නැගෙන ගැටලුවකි.කෙටි නමුත් සිදුවීම ගණනාවකින් පිරුණු අතීතයක කිසිදා පිළිණු නොවන එහෙත් සිතට නැගෙන සෑම විටම හදවත නිය ගසන මතක සම්භාරයක නන්නත්තාර වෙමින් ඔද්දල් වූ සිත එකඟ කර ගැනීමට වෙහෙසෙමි.

17 සදහටම සමු ගනිමි


ඝනකම් අඳුර යනු මාගේ සිතිවිලි වල දුක්ඛ දායක ස්වරූපයයි.මට මාගේ සිතුවිලි පිට කල හැකි පහසුම ක්‍රමය වූ කවිය මගින් මා සිතුවිලි පිට කලෙමි.කුමක් නම් කරන්නද.මා පල කරන ලද සෑම ලිපියකින්ම මා අවට ඇති අයගේ සිත මා නොදැනුවත්වම තුවාල කර ඇත.පව් පුරවා ගැනීමට තවත් කිසිම අදහසක් නැත.

මම ඝනකම් අඳුර  ආරම්භ කරේ හුදෙක් ආත්ම තෘප්තිය උදෙසාය.මම මගේ ඝනකම් අඳුර ට ආදරය කලෙමි.නමුදු ඝනකම් අඳුර  ලියන්නට ජීවත් නොවෙමි.ජීවත් වීද මට ලියන්නට යමක් ලැබෙනු ඇත.කෙසේ නමුත් බ්ලොග් ලෝකයේ සුන්දර මිනිසුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට ලැබීම ගැන තුටු වෙමි.මීට වැඩ අටුවා ටීකා පවසන්නට නොහැකිය.මින් පසු මෙහි කිසිම සටහනක් නොතැබෙනු ඇත.සදහටම සමු ගනිමි.සහෘදයන්ගේ සටහන්  සටහන් කියවමි.ඒවා ගැන මාගේ අදහස්ද ප්‍රකාශ කරමි.නමුදු අදින් පසු ඝනකම් අඳුරේ කිසිවක් පල නොවනු ඇත.."මානවක" යන නාමය අතීතයේ මතක සමග මුහුවනු ඇත.

(පැරණි කවියකින් සොඳුරු යුගයක මතක ඈවර කරමි)

පෙරදිනක පිපි මලක්
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට

සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට

තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට…. 

මා සමග රැඳී සිටි ඔබට ස්තුතියි.

11 අවසන් සටහන | last post

දුෂණය කර 
මරාදමමි 
අවංක කම...
සඟවමි මිහිදන් 
කොට 
හිතේ පතුලේම...

ඇනගනිමි සැතකින් 
හදවතට 

නැගිටිනු රිසින් 
නැවත මරණයෙන් 
ආත්මයක් රහිත 
අමනුස්සයෙක් ලෙස 

මම................

කවියාගේ මළගමට පෙර ලියන ලද්දකි. 

16 කවියාගේ මලගම | funeral of poet


මම හැමතිස්සෙම විශ්වාස කරපු දෙයක් තමයි හිතේ වේදනාව මිනිස්සුන්ව නිර්මාණශීලී කරනවා කියන එක.හැබැයි මම අලුතෙන්ම හොයා ගත්තා හිතේ වේදනාවට  නිර්මාණශීලී මිනිහෙක්ව කළුගලක් කරන්න පුළුවන් කියන එක."මේවා ලියන්නේ කවුරුන් වෙනුවෙන්ද ?" කියන ප්‍රශ්නේ ලොකුවටම හිතට එනකොට,හිත ඇතුලේ පොපියන අදහස් අකුරු කරනවට වැඩිය ඒවා හිත ඇතුලේම මැරෙන්න ඉඩ අරින එකෙත් ආතල් එකක් නැත්තෙමත් නෑ.කවි හිත මැරුණම කවියා ජීවත් උනත් නැතත් ඒකෙ ලොකු වෙනසක් නෑ නේ.සංවේදී වචන ටිකක් එහාට මෙහාට කරලා වාක්‍යක් වචන වලට වෙන්කරලා ලියන කවියක් ඇරෙන්න මැරුණ කවි හිතකින් ඊට පස්සේ ඇත්තටම හිතෙන් උපදින කවි සිතුවිල්ලක් බිහිවේවි කියලා හිතන්න බෑ.


18 මාධ්‍ය සදාචාරය නම් කුජීතයි.එතකොට අපේ ?

සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.

37 දුෂ්ටයා හමුදාව විතරද? | The battle for water

සැබෑ ජන අරගලයක් යනු කුමක්දැයි? මා සෑම විටම කල්පනා කල මාතෘකාවකි.අද දින වන වන විට වැලිවේරියේ සිද්ධිය ජන අරගලයක් ලෙස ලේබල අලවා එයට වෙනම අර්ථකතනයක් දී ඇතුවාක් මෙන් මාද ඉහත සිද්දියට වෙනම අර්ථකතනයක් දීමට තැත් කිරීමක් ලෙස මෙම ලිපිය හදුන්වමි.

රතු පස්වල සිද්ධිය සැබෑ ජන අරගලයක්දැයි මදකට විමසා බලමු.ඇත්තෙන්ම එහි ආරම්භයද සියලුම සැබෑ ජන අරගල යක් මෙන්ම සාධාරණ හේතුවක් මත ඇතිවූ බව සිතා ගැනීමට ඉතා පහසුය.යම් කර්මාන්ත ශාලාවක් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ ඉතා වටිනා මානව අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වේ.ඔවුන් රැල්ලක් ලෙස නැගී සිටින්නේ ඔවුන්ගේ සාමකාමී ඉල්ලීම් වලට කන නොදුන් තැනයි.මධ්‍යස්ත මතධාරියෙක් ලෙස ඔවුන්ගේ නැගීසිටීම අධි සදරනීකරණය කරන්නේ එබැවිනි.ඔවුන් ඔවුන්ගේ සටන තරමකට ජයග්‍රහණය කරන ලදී.වගකිවයුතු අංශ වල අවධානය ඔවුන්ට යොමු වීම සහ අනිත් මිනිසුන්ගේ සහ යෝගය ලැබීම, එකම අරමුණක් වෙනුවෙන් කැපවුන ජන පදනමක් නිර්මාණය වීම  තරමක ජයග්‍රහණයක්‌ නොව සුවිසල් ජයග්‍රහණයක්‌ ලෙස දැක්විය හැක.  

15 රමණය සහ ලේ | Intercourse then Blood






සත්තයි 
ගලාවි ලේ 
හොඳටම - 
පිස්සුවෙන් වගේ 
රමණය කරොත් -
|
|
|
|
- විදුරුමහින්..... 
- දත් සමග.....
-දැහැටි කූර ......

32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God

විරහව කියන්නේ මහ පුදුමාකාර අත්දැකීමක්.ඒ අත් දැකීම මිනිස්සු අතරට එන්නෙත් ඒ වගේම මහ පුදුමාකාර හිතා ගන්නවත් බැරි විදියට.විරහව විඳින කෙනාට යම් තරමකට හෝ තමන්ගේ වේදනාව අඩු කරගන්න විරහ ගීත වලින් ලැබෙන්නේ ලොකු උපකාරයක්‌ පිටුවහලක්.ලිපියේ මාතෘකාවට අදාළ ගීතය බොහෝම ප්‍රසිද්ධ විරහ ගීතයක්.අද කියන්න යන්නේ ඒ සිංදුව ඇතුලේ හැංගිච්ච සැබෑම කඳුළු කතාව.  

61 ඔයා බඩුවක් (18+) | Harlotry (18+)

ආදරණීය මැණික

මට සමාවෙන්න වස්තුව.....මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර ඉක්මනට කැඩිලා බිඳිලා යාවි කියලා.ඒත් ඔයා නරකයි.ඔයාගේ චරිතේ හොඳ නෑ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔයා බඩුවක් කියලා දැන දැනම මම කොහොමද? ඔයාට ආදරය කරන්නේ.මම පරමාදර්ශී මිනිහෙක් නෙවෙයි.පාරේ නටන්න ඕන හැම නැටුමම නටපු බඩ්ඩක්ව ඔක්කොම දේවල් අමතක කරලා කර ගහ ගන්න තරම්.එහෙම කරත් මට ඔයාගේ ඔය නරක ඇබ්බැහිවීම ගැන මම අමතක කරන්නේ කොහොමද?  

17 පොළඟකට පෙම් බැඳ | Love With Female Viper

බ්‍රහස්පතින්දා 


දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?

ඉතින් අපි විනාඩි දහයක් වත් කතා කරේ නෑ නේ බබා...ඔයා මෙච්චර වෙලා හිටියනේ මට ගන්න...

අනේ සොරි පොඩි චැට් එකකට අහු උනා නේ...අනේ අද බෑ හෙට රෑට කතා කරමු අනිද්දා කොහොමත් නිවාඩුයි නේ...බුදුසරණයි.පරිස්සමින් ඉන්න...

හ්ම්ම්ම්.බුදු සරණයි..වෙන මොනවා කියන්නද ඉතින්...

ඔයා නපුරුයි අයියා...දැන් මම දොයි...


27 මමත් හීනියට බෞද්ධයෙක් | I am thin Buddhist

මා උපතින් බෞද්ධයෙකි.කුඩා කල පටන් මා  ජාතිය ලෙසින් සඳහන් කලේ සිංහල බෞද්ධ යන්නයි.නමුත් පාසල් වියෙහි පටන් උදෑසන පුරුද්දට වඳිනා පන්සිල් පද පහත් දහම් පාසලේදී  සල්ල හුක වුත්ති තිබෙන නිසා ආසාවෙන් කියූ කරණීය මෙත්ත සුත්‍රයත් හැරෙන්නට මා දන්නේ , මා බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කිරීමට කැමති  නිසා ආරක්ෂාවට ඉගෙන ගත් ඉතිපිසෝ ගාථාව පමණි.ඒ අනුව බලන විට මා සතුව ඇත්තේ අසු කෙළක් ධර්ම ස්කන්ධ වලින් තුනක් පමණකි.එහෙයින් මා ධර්ම කරුණු ගෙනහැර පෑමට ඉදිරිපත් නොවන්නේ මාගේ නොදැනුවත් කම පමණක් නිසාම නොව දැනට ලංකාවේ වෙසෙන බොහොමයක් ගිහි බෞද්ධයන් වඳුරන්ගෙන් බණ අසා  පිරිත් සිංහලෙන් අසා කලිසම් කිලිටි නොවන සේ හතර පෝයටම සිල් රකින , කිසිම සැකයක් නොමැතිව ඉදිරියේදී පැවැත්වෙන ධර්ම සංගායනාවකට උවද සහභාගී කරගත හැකි තරම් ධර්ම කරුණු වලින් සන්නද්ධ නිසාය.

9 ඉන්ද්‍රරතන , රතන සහ තන


සමහරු කියන්නේ මම හෙනම අන්තවාදී දේශප්‍රේමී පොඩ්ඩ ඇත්තන් ලේ රත් වෙන එකෙක් කියලා.ලේ රත්වෙනවා තමයි දෙයියෝ.ඒ සාදාරණ හේතුවක් නිසා මිසක , වීරයෙක් වෙලා කෑගහන්න ඕනේ නිසා නෙවෙයි.ඕනේ එකෙක් ඕනේ දෙයක් හිතා ගනිල්ලා......මට පාන්ය ?   




21 එන්න අනාවැකි කියන්න



ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකේ රටක පවතින්නා වූ වර්තමාන සමාජ ව්‍යුහය තුල මිනිසාගේ උපරිම ආයු අපේක්ෂාවේ අගයන් තුලනය වීමත් සමග ඇතිවන නොයෙකුත් සංකුලතා මග හැර වීම වස්....මේ මොනවද?%#%$^#%@%^$#%$@% 

සැර වැඩියි...එකෙන්ම සැර වැඩියි....මම මේ කියන්න ගියේ ඉතින් මේ දවස් වල බොක්ක ඇතුලේ බුර බුරා නැගෙන හද සන්තානයේ ඔඩු දුවන පට්ටම සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නයක් ගැන...මෙහෙමයි....අපි කන බොන විදියට (අහ්හ්...මම ඒකෙන් අදහස් කරේ වෙළඳ පොලේ ඇති ගුණාත්මක භාවයෙන් අඩු ආහාර,තෙල් කෑම වැඩිපුර ගැනීම වගේ දේවල්  ) අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මේ රට යන විදියට අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මට කෝච්චියේ කතරගම යන්න පුළුවන් වේවිද?.ලංකාවෙ තෙල් වලින් මට වාහනයක් දුවන්න පුළුවන් වේවිද?.තව ෂඃ මේ සීරියස් හද කකියවන කතාවක් අස්සේ තව කතාවක් මතක්  උනා නේ...සොරි වෙන්න ඕනේ ඒක කියලම ආයේ සීන් ඒකට එන්ටර් වෙන්නම් ආයිබෝවන්ඩ. 

14 නොලියු ලියමන


ආදරණීය සුදු නංගි වෙත 

මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන් ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.  

14 සුදු වදමල්

කෙල්ල වෙනදාටත් වඩා කලින් අවදි වුයේ ඇයගේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට යෑමට තිබුනේ අද නිසාය.ගුවන් අනතුරකින් තාත්තා මෙලොව හැරගිය දා පටන් ඇයට ඉගැන්වීමටත් ඇයව ලොකු මහත් කිරීමටත් කෙල්ලගේ දුප්පත් අම්මා විඳි අපා දුක ඇයට ඉස්පිල්ලක පාපිල්ලක අඩුවකින් තොරව මතකයේ ඇත.අද පැවැත්වෙන්නේ ඇය දැමු සියගානක් වූ අයදුම් පත් වලින් ඇයට ප්‍රතිචාර දැක්වූ පළමු සම්මුඛ පරීක්ෂණයයි.අද ඈ සමත් උවහොත් අම්මාගේ වීරිය පාරමිතාවට ඇයට අත්වාරුවක් වන්නට හැකි වනවා නිසැකය.

තාත්තාගේ මතකය ඇයව අතීතයට රැගෙන යයි.හොඳ අය ඉක්මනට දෙවියන් ලඟට ගන්නවා යැයි කුඩාකල ඇයට කවුදෝ කිව්වා මතකය.ඒ මුසල දවස...ඇයට පිය සෙනෙහස අහිමිකල  ගුවන් අනතුර...කඩා වැටුන මිග් යානය...චිත්තරූප එකක් පසුපස එකක් ලෙස ඇයගේ දෑස් මත  ඇඳී නොපෙනී යයි...තාත්තා කඩේ ගියේ කෙල්ලට මාළු බනිස් එකක් අරන් ඒමටය.කෙල්ලට තවම ඇත්තේ තමන් ගැනම ඇති අප්‍රසාදයකි.ඇයට එදා මාලුබනිස් උවමනා නොවුනානම් තාත්තා කඩේ යන්නේද නැත.තාත්තා කඩේ නොගියානම් අනතුරට පත් මිග් යානය තාත්තාගේ හිසමත කඩා වැටෙන්නේද නැත.ඇය එදා සිට මාළු බනිස් කන්නේද නැත.

11 තනිවෙලා මා තනිවෙලා............

 heart
හිතේ කොනක හිරවෙලා කවදාවත් කියාගන්න බැරුව ලතවෙච්ච හැගීම් සමහර වෙලාවට කවි වෙලා එලියට පනින්නෙ අපිට හිතාගන්න වත් බැරි විදියට.ඒ සමහර හැගීම් ඒවා ඇති කරපු එක්කෙනාට කියාගන්න තිබුන නම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් එහෙම කියාගන්න පුලුවන් උනා නම් සමහර විට මෙ කවි ලියවෙන්නෙ නැතුව තියේවි.දුක විරහව මිනිස්සුන්ව නිර්මානශීලි කරනවා.මේ කවි පෙලේ කවිත් එකම දවසක ලියපුවා නෙවෙයි කාලයක් තිස්සේ එක ගානෙ ලියවිච්චා.අන්තිමට ඔක්කොම එකම තැනකට ගෙනාවා.....



48 පරාදීසයේ කොනක | at the edge of paradise

මට පසුපස හරවා සිටි ඇය නොනවත්වාම සිනා සෙන්නීය.මදක් හිස හරවා මා දෙස බලනු වස් නෙත් කෙවෙනි කොනටම ගෙනා ඇයගේ දෙනෙත් කවදාවත් නැති තරමට දිලිසෙ යැයි සිතේ.එම සිනහව ඇයගේ වර්තමාන තත්වයට නොගැලපේ යැයි විටෙක සිතෙන මුත් වහා නැගිට සෙමින් ඇයගේ මුහුණ පිරි මදින්නට සිතෙන්නේ ඇයි දැයි තවමත් තේරුම් ගත නොහැක.

මොකද මේ අමුතු වෙලා...මට අල්ලන්නේ නම් නෑ බබෝ ඔය පෙනුම නම්.මොකාටද ඔයා මේ එන්න හදන්නේ...

13 පරිණාමය වූ ආදරයක අසුන්දර අතුරුපලය.

ඕනෑම ආදරයක් ආරම්භ කල වහාම එය පිවිතුරු ආදරයක්ද නැතහොත් ආත්මීය ආදරයක්ද යනුවෙන් වර්ග කිරීමට තැත් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවේ.ඩාවින්ගේ ස්වභාවික වරණය නැත්නම් පවතිනා තත්වයට ගැලපෙන අය පමණක් දිවිගලවා ගැනීම, ජීවමානව පරිණාමය වන ආදර කතාවක් තුලද පවත්නා මුලික පදනම හා පහසුවෙන් අර්ථ දැක්විය හැකි සාධකය වේ.එනම් ආදර කතාවක් පරිපුර්ණත්වයට පත්වීමට නම් නොයෙකුත් වූ සංවේදී ජීවන අවස්ථා පසු කර යෑමට සිදුවීම අනිවාර්ය නියතයකි.එනම් එකී පරිණාමික අවස්ථාවේදී දෙදෙනා නොගැලපේ නම් ආදර කතාවද බොහෝවිට එතනින් අවසන් වේ...

8 මාතෘකාවක් නොමැත.

ජීවිතේ හරිම පුදුමාකාරයි.මොකද කියනවා නම් සමහර දේවල් ලැබෙන්නේ අපිට උවමනා වෙලාවට නෙවෙයි නේ.එක්කෝ කලින් නැත්තන් නැත්තන් පහුවෙලා.සමහර දේවල් කලින් ලැබිලා ඕනේ නෑ කියල පැත්තකට දැම්මට ඒ දේවල් ඕනෙම වෙන වෙලාවට ඒවා අපිට ලැබෙන්නේ නැත්තන් හිතට දැනෙන  පරාජිත හැගීම මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.මේ වචන කීපය පෙළගස්සන්න මී ගොඩයා ගේ ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා කියන කවි පෙළත් මාරයා අයියගේ පොස්ට් එකක මහවෙදනා මහත්මයා දාලා තිබුන කොමෙන්ට් එකක් නිසා.ඇත්තටම මට මේකට මාතෘකාවක් හොයා ගන්න බැරි උනා....


75 ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers

ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද  මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක්  ඇති කිරීමට සමත් වී යැයි සිතේ.


41 මංගල රැයට උපදෙස් පහක් (18+)

කාන්තාවන් වෙනුවෙන් ලියවෙන පත්තර සමාජයේ සුලභය.එලෙසම කාන්තාවන්ට තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට උපකාරීවන මහාර්ඝ වූ උපදෙස්,අවවාද සහ නව දැනුමද ඒවායේ නොමඳව අන්තර්ගතය.තවත් ඉදිරියට යන විට මංගල රාත්‍රිය සැපවත්ව ගත කිරීමටද ඒවායේ (අඳින්න ඕනෑ ඇඳුම,සැමියා සතුටු කරන විදිය ආදී වශයෙන්) උපදෙස් රාශියක් අඩංගුය.නමුදු මහත් වූ ගැටලුකාරී මානසිකත්වයකි.මංගල රාත්‍රිය ගත කිරීමට උපදෙස් දිව යුත්තේ කාන්තාවන්ට පමණක්මද?.පුර්ෂ පාර්ශවයට ඒ සඳහා උපදෙස් අවශ්‍ය නොවේද?

14 ජැක් ගේ එපා කරපු (වීර ක්‍රියා) දෙක | The Epic Adventures of Jack II

කලින් එකේ (ඒක නොබලපු අය අරක උඩ කොටලා ගිහින් ඒක බලන්න

ඔන්න ටික වෙලාවක් ගත උනා,අපි හිතමු අපේ කතා නායකයා හැතැම්ම කීපයක් ඉස්සරහට ගියා කියලා.ඔන්න ජැක්ට ඈතින් ලාවට වගේ ඇහෙනවා සින්දුවක්.


          ♫ ♪ ♫ ♪....ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා...♫ ♪ ♫ ♪  

එතන ඉඳං ඔන්න

ඒ සින්දුව ඇහුනා විතරයි ජැක් ට ලොකු සන්තෝසයක් දැනුනා..මොකද කියනවා නම් මෙච්චර වෙලා කැලේ මැදින් එනකොට ජැක්ට ඇහුනෙම හැකරල්ලෝ,ගස්ගෙම්බෝ,මීමින්නෝ,වල් හාවෝ වගේ භයානක සතුන්ගේ ශබ්ද?...ඉතින් ජැක්ට හිතුනේම මේ නම් අපි අහන්නේ අහවල් එක කියල ඉස්සරහ ලොකුවට ගහල තියෙන තේ කඩයක් කියලමයි.

7 එන්න ජීවිතය බෝ කරන්න

මේ සමාජය පට්ටම කුරිරුයි. ඉල්ලන්නේම ඇසට ඇස ලෙයට ලෙය. සමාජය විතරක්ය, අපිත් එහෙම නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ ලේ උණුවෙනවා. ලඟම ඉන්න එකෙකුට පොඩි හරි කේස් එකක් වැටුනම අපි ගේම ඉල්ලනවා. එහෙම කරලා වතුර වලට වැඩිය ලේ ඝනකම් කියලා හිත හදා ගන්නවා.අපිට තියන ආදරේට අපේ අම්මලාගේ ලේ කිරි වෙනවා.. මචංලා පරණ සිංදුවක් තියනවා, අහලා තියේද මන්දා "ඔබේ ළය පැළුවත් තනිකර රතු ලේ මගේ ළය පැළුවත් තනිකර රතු ලේ" කියලා. එහෙම උනාට තමන්ගේ එකෙක්ගේ ලේ හෙල්ලුනාම අපේ ලේ කුපිත වෙනවා. කාගේ හරි ලේ හොල්ලන්නමයි හිතෙන්නේ. එතකොට කාටවත් මතක වෙන්නේ නෑ අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම පාට ලේ කියලා. අපි පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා කියනවා 'අපි කැපුවත් කොළ', 'කැපුවත් නිල්' කියලා. ඒ උනාට එහෙම කියන උන්ගේ ඇඟවල් මදුරුවෙක් විද්දත් ඌ බොන්නේ රතුම රතු පාට ලේ. අපි මොන වංශේ උනත් මොන මොන කුලේ උනත් අපේ ලේ එක පාටයි. ඒ වගේම තමයි මොන සම්බන්ධෙටත් වැඩිය ලේ නෑකම් කියන එක මාරම ශක්තිමත්. අර කතාවටත් කියන්නේ "අම්මලා නැති දරුවන් ගැන මාමලාගේ ලේ කකියනවා කියලා". ඒවා විතරද තව කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ලේ බිංදු දෙක තුනකට කරන්න පුළුවන් හරිය කොහොමද කියලා දන්නවා ඇති නේ. දැන් මීටර් නේද සීන් එක. ලේ කියන්නේ මේ ලෝකේ මිනිස්සු සහයෝගයෙන් එකට බැඳලා තියන පට්ටම වටින ටොපික් එකක් නැත්තන් සුපිරියටම ඩිමාන්ඩ් සාධකයක්.

18 ද රජ කවිය | The King Poem

කට්ටිය කලබල වෙන්න එපා රජ කවිය කිව්වම සත්ගුණවත් වැල රජා ගැන කියල .ඔය කපල තියන වචනේ වෙනුවට මහ කෑල්ල දා ගන්න.
මේ ජාතියේ කවියක් ලියන්න කවදාවත් හිතුවේ නෑ.මේක මේ ජාතියේ පලවෙනි සහ අන්තිම කවිය. 





20 ජැක් ගේ එපා කරපු වීර ක්‍රියා | The Epic Adventures of Jack

ඔන්න එකෝමත් එකෝමත් කියන්නේ පට්ටම එකෝමත් එක කාලෙක හිටියලු කොල්ලෙක් ජැක් කියල.ඔන්න ඔය ජැක් කියන කොල්ලා  තව එකෙක් එක්ක සෙට් වෙලා ලොකු නැවක නැගල ඒ නැවේ ගිය හෙන දතක් වෙච්ච කොල්ලෙක්ගේ කෑල්ලට ලයින් දාල එකිවත් සෙට් කොරගෙන අයිස්  කන්දක හැපිලා ඒ නැව ගිලෙද්දි...

හාහ් මේ මොකක්ද මේක නෙවෙයි.මන් කියන්න ගියේ  සෝස පාට ලස්සන ගවුමක් ඇදන්  ඉන්න ලස්සනම  ලස්සන කුමාරියක් ඉන්න කතාවක්.  


61 නයි නැති, බොරු නැති, වංචාව නැති වැල පත්තර?


ඉස්සර කාලේ වැල චිත්තර පටි වැඩිය තිබ්බේ නැත.කොල්ලෝ වැඩිපුර බැලුවේ වැල පත්තර කෑලිය.ඒවා නොයෙකුත් නම් වලින් පත්තර ලෑලි වලින් මිලදී ගත හැකිව තිබුණි.නම් දෙක තුනක් කියනවා නම්  

නවරස
ප්ලේ ගර්ල්
සොදුර (මුල් කාලයේ)
ගින්දර

වැනි ඒවා ලංකාවේ තිබුණ සුපිරි වැල පත්තර ලෙස හැදින්විය හැක.

28 වෛෂ්‍යාවක් නොවේ


මොරගසයි 
වෙසඟනක් 
නෑඹුල් කෙල්ලක 
මෙන් 
යටිගිරියෙන් 
අනේ.....
ඇය මිස 
වෛෂ්‍යාවක් නොවේ
මම 






හුදෙක් කවියක් පමණකි...

29 අපි බාලචන්ද්‍රන් මරපු හැටි | Assassination of Balachandran

මේ දවස් වල හැම තැනම යන්නේ ප්‍රභාකරන් ගේ දෙවෙනි පුත්තරයා හමුදාවෙන් අල්ලාගෙන පොරට සුපර් ක්‍රීම් ක්‍රැකර් කන්න දී ඝාතනය කල බව කියන චායාරූප එකතුවයි.මේ ලිපිය ලියවෙන්නේ එය සාදාරනීකරණය කිරීමටවත් එයට විරුද්ධ වීමටවත් නොව මධ්‍යස්ත මිනිසෙකු වශයෙන් හිතට නැගුන අදහස කියා පෑමටය.

10 සිකුරු තරුව

බලාපොරොත්තු හීන බිඳ වැටෙනවා කියන්නේ කිසිම කෙනෙක් කවදාවත් කැමැත්තෙන් බාර ගන්න කැමති ඉරණමක් නෙවෙයි.ඒත් හිතන්න අපි හිත ඇතුලේ ගොඩනගාපු හීන මාලිගා අපිට හිතාගන්න බැරි වේගෙන් සුන්බුන් වෙලා යනකොට , අපිට ඒවා රැකගන්න කිසිම දෙයක් කරන්න බැරුව අසරණ වෙනකොට හිතට මොන වගේ හැගීම් සමුදායක් ඒවිද?.මේකත් "යලි එන්න වසන්තය" කාව්‍ය සංග්‍රහයේ තිබ්බ අවුරුදු දහයක් පරණ කවියක්.මේක මුලින්ම අන්තර්ජාලයේ පලකරේ අන්තිම පේලියේ.ඒ මීට බොහොම කාලයකට කලින්.ඒත් කවියේ අන්තර්ගතය සර්ව කාලීනයි කියල හිතුන නිසා ආයෙමත් පල කරනවා.මම මහා ලොකු කවියෙක් නෙවෙයි , ඒත් මම ලියපු කවි වලින් මට හිතට වැදිච්ච ඒවා තමයි ඉතින් මේ.(ඇත්තම කියනවනම් මේ වගේ ඒවා දැන් ලියා ගන්න බෑ).මේකත් ඉතිං බොහොමයක් අයගේ පොදු අත්දැකීමක්.        

73 වැලන්ටයින් සහ අපි (18+)

වැලන්ටයින් තමයි පැටියෝ...ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන් වලට යන්න...මතකනේ එතන හිටිය උන්ගේ හැටි...හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට මොනවා හරි කරොත් මොනවා කරන්නද?...එහෙම උනොත් මම මොනවා කරන්නද?

ඒ වචන ටිකට පපුව කීරි ගැහුවා වගේ උනා...ඒ කෙල්ලට කරදරයක් වේවි කියලා නෙවෙයි...වැලන්ටයින් මුවාවෙන් කෙල්ලව රූම් එකකට එක්ක ගෙන යන්න තිබ්බ චාන්ස් එක අල වේවි කියලා හිතුන නිසා ...කලින් දවසෙත් ඒකි මට අතකවත් තියන්න දුන්නේ නෑ හරියට...අනික ඒක රූම් එකකුත් නෙවෙයි රෙද්දේ දිය ඇල්ලක්...ඒකත් බදා ගෙන ඉම්බ එක විතරයි...කෙල්ලට එදා තැනට බය හිතෙන්න ඇති...

14 ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි


ඉස්සර සිංහල ගැමි සමාජයේ ගැමියන් ජීවත්වූයේ විශාල සමාජයක එක්තරා කොටසක් හැටියටයි. ඒකට අර්ධ සමාජයක් කියලත් කියනවා. ගැමි සමාජය තුළ ජීවත්වන පිරිස දෙයාකාරයි. එනම්,

1. සාමාන්‍ය ගැමියන්.
2. නගරය කේන්ද්‍ර​ කරගෙන ජීවත්වන පිරිස. (නොගැමියන්)


ගැමියන්ගේ සිතුම් පැතුම් මූර්තිමත් වන්නේ ගැමි සංස්කෘතියෙන්. ඒ සංස්කෘතිය ගෝත‍්‍රිකයන්ට සාපේක්‍ෂව කිසියම් ඉහළ දියුණු මට්ටමක පැවතුනා. එනම් දියුණු වූ ලේඛන කලාව, කලා ශිල්පය, වාරිමාර්ග ක‍්‍රම ආදියෙන් සමන්විත වූ සංස්කෘතියයි. මේ ගැමි සංස්කෘතියේ මූලික සම්ප‍්‍රදායන් දෙකක් තිබෙනවා.

1. චූල සම්ප‍්‍රදාය
2. මහා සම්ප‍්‍රදාය


මේ දෙකේ එකතුවෙන් ගැමි ශිෂ්ඨාචාරය හැදෙනවා. සාමාන්‍ය නූගත් ගැමි ජනතාව චූල සම්ප‍්‍රදායටත්, ප‍්‍රභූන් හෙවත් නොගැමියන් මහා සම්ප‍්‍රදායටත් අයත් වෙනවා. ඒ කියන්නේ චූල සම්ප‍්‍රදාය බොහෝදුරට සරලයි. මහා සම්ප‍්‍රදාය දාර්ශනික අතින් ගැඹුරු මට්ටමක පවතිනවා. කෙටියෙන්ම කියනවා නම් පාලකයන්, සාහිත්‍යකරුවන්, පණ්ඩිතයන්, කලාකරුවන් ආදී පිරිස පොදුවේ දෙවන ගණයට හෙවත් මහා සම්ප‍්‍රදායට අයත් වෙනවා.

42 බුදු ගුණ බලන ගමන් පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න

සිද්ධාර්ථ ගෞතම ලිබර්ටියේ පෙන්නනවා කියලා කවුද කියනවා ඇහුනා.එතකොටම මට කල්පනාවට ආවේ වෙනදට චිත්තර පටියක් පටන් ගන්න කලින් ලිබර්ටිය ඉස්සරහ ඉන්න නොයෙකුත් විදියට ඇඳ පැළඳ ගත්ත තරුණ තරුණියෝ පෝලිම.සමහර දවස වලට රණ්ඩු වෙනවත් ඇහෙනවා කට්ටිය කලින් බුක් කරලා පස්සේ ආපු උන්ට චාන්ස් එක නැති වෙලා.මොලේ කොලොප්පන් වගේ නේද?මම මේ මොකාටද එන්න හදන්නේ කියලා?.මේකයි සිද්ධිය ගොඩක් කට්ටිය අහල ඇති කතාව ලංකාවේ සිනමාහලක බොක්ස් වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලිබර්ටි සිනමා හලේ බොක්ස් වලට කියලා කියන එක.ඒ කතාව පැත්තකින් තියමු දැන්.

17 සාම්පල් එක

ආදරේ විඳින විදිය එකිනෙකාට වෙනස් කියලා මම කලින් කිව්වා නේ.නිකමට හිතුනා ඇත්තටම ආදරේ  ඔප්පු  කරන්න පුලුවන්ද කියලා.සමහරු කෙල්ලගේ නම නැත්තන් නමේ මුල් අකුර පච්චයක් විදියට තමන්ගේ ඇගේ ගහ ගන්නවා.තවත් සමහරු පුච්චගන්නවා.සමහරු තමන්ගේ රහස් දේවල් තමන්ගේ සහකාරයට කියනවා.හිතමු නිකන් ෆේස්බුක් එකේ පාස් වර්ඩ් එක දෙනවා කියලා.ඒත් ඇත්තටම තමන්ගේ හිතේ තමන්ගේ සහකාරයට තියන ආදරේ ඔප්පු කරන්න පිළිගත්ත ක්‍රමයක් තියනවද?.හිතමු අපි පැලීගෙන ආදරේ කරාට අනිත් කෙනා ආදරේ කරලා නැත්තන්.හිතන්නකෝ ලොකුවට ගහනවා කෙල්ලගේ නමේ මුල් අකුර පච්චයක්.කවදාහරි ඒකි අපිව දාල ගියොත් මොකද කරන්නේ.ඒ නමම තියන වෙන කෙල්ලෙක් හොයනවද නැත්තන් පච්චේ අයින් කරනවද?.හිතන්නකෝ කොහොමද තමන්ගේ ආදරේ ඔප්පු කරන්නේ නැත්තන් සහකාරය අපිට කොච්චර ආදරේද කියලා දැනගන්නේ.තේරෙන භාෂාවෙන් කිව්වොත් ආදරේ සාම්පල් එකක් ගන්නේ නැත්තන් දෙන්නේ කොහොමද?  

37 ආදරේ කියා දෙන්න පුලුවන්ද? | Love Guru

ඇත්තටම ආදරේ අර්ථ දක්වන්න පුළුවන්ද ? එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?.මම නම් හැමදාම විශ්වාස කරේ ආදරේ කියන එක සාපේක්ෂයි කියලා.කෙනෙක් ආදරේ විඳින විදිය තව කෙනෙක්ට  හාත් පසින්ම වෙනස්.මම දැකල තියනවා සමහර ආදරේ කරන අය ඉන්නේ යාළුවො වගේ.ඒ වගේම සමහර ආදරේ  කරන අය අතරේ තියෙන්නේ ගෞරවයක්.සමහර පෙම්වතියො ඉන්නවා තමන්ගේ පෙම්වතාට තියෙන්නේ බියමුසු ආදරයක්.හ්ම්ම් සමහර අයට තියෙන්නේ කාලෙත් එක්ක ඇතිවෙච්ච ආදරයක්.ඒත් ටික දෙනෙක් දැක්ක ගමන්ම ආදරෙන් බැඳෙනවා.

37 මා නෙලූ මල…

සැබෑ ආදරේ අර්ථ දක්වන්න පුලුවන්ද?.එහෙමත් නැත්තන් අපි කෙනෙක්ට කොච්චර ආදරේද කියල අවංකව  කියන්න පුලුවන්ද?.සමහරුන්ට කියන්න පුළුවන් අහස තරම් මුහුද තරම් නැත්තන් විශ්වය තරම් කියල.ඒත් අපි ප්‍රමාණයක් හරියටම නොදන්නා දෙයක් අපේ ආදරේට සමාන කරන එක කොච්චර දුරට සාර්ථකද ?.මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".ජීවිතේ වෙනස් වෙලා සමහර තැන් විනාස වෙලා සමහර දේවල් අලුතෙන් ලැබිලා.ඒ උනාට සමහර මතක නම් එහෙමමයි.ඒවා මතක් කරනකොට අඩන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ.මේක කෙනෙක්ගේ  සත්‍ය අත්දැකීමක් මත පදනම වෙච්ච කවියක්.ලිව්වේ නම් බොහෝම කාලයකට කලින් අන්තිම පේලිය වෙනුවෙන්.     

44 වීරයා මැරිලා

සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද ගෑනු ළමයි අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් සිද්ධ වෙනවා.මොනම හරි අවාසනාවකට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනාම තියන එකම අතුරුපලය තමයි මැරෙන තුරාවටම අපි පාවිච්චි උනා නේද කියන සිතිවිල්ලෙන් විඳවන්න වෙන එක.මට මෙහෙම කවියක් ලියන්න හිතුනේ බාඳුරා අසපුවේ තිබුන අනියම් කවිය කියන කවි පන්තිය සහ චැට් එකක ගිය පුංචි කතා බහක්.ඒ කතාවෙන් තමයි මම මේ වීරයා මකරා වගේම රාස්ස කුමාරි වචන අල්ල ගත්තේ .    
 

63 නිවැරදි ලිංගික අධ්‍යාපනය (18+)

ප්‍රිය පාඨකය 


ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම්  ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස  නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා  වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ  තරමකට විග්‍රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි.