තව්තිසාව
ශක වර්ෂ 2014
ස්වර්ග රාජ්‍ය
දයාබර අල්ලා දේවේන්ද්‍ර වෙත
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි
ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙම ලිපිය යොමු කරනුයේ සමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි .
ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ දෙවියන් ලෙස මා කටයුතු කල බව ඔබ ඉතාමත් පැහැදිලිව දන්නා බව මා හට නොරහසකි . මින් පෙර අප අතරේ පැවති ගිවිසුම් ප්‍රකාරව ඔබගේ අනුගාමිකයන්ට මාගේ පාලන ප්‍රදේශයේ සාමකාමීව සිටීමට ඉඩදුන් බව හා ඔවුන් ආරක්ෂාකළ බවද ඔබට නොරහසක් බව තරයේ විශ්වාස කරමි . 1915 දී ඔබ විසින් අප අතරේ තිබුණු ගිවිසුම සාපරධීව කඩකරමින් සහ ඔබගේ ඥාති වූ ක්‍රිස්තුන් හා එක වී කුමන්ත්‍රණ කරමින් මාගේ ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයේ ගැටුම් ඇති කල අතර එම නිසා දෙපාර්ශවයේම අවංක මිනිසුන් සහ අන්තවාදී මිනිසුන් විපතට පත් කල බව ඔබට අමතක වී නැතැයිද සිතමි . එම සිද්ධිය හෙලා දකින අතරම මධ්‍යස්ත මතාදාරියෙකු ලෙස මා විසින් ඔබගේ සියලු වැරදි නොසලකා හැර නැවතත් මාගේ පාලන ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දුන් බවද ඔබට නැවතත් අමතක වී ඇති බැව් පෙනී යාම කණගාටුවට කරුණකි.
ඔබගේ පුද්ගල වාර්තාවන් දෙස බැලු කල ඔබ විසින් නොයෙකුත් රටාවල ඇති කරන ලද ගැටුම්කාරී ක්‍රියා ගැනද මා විසින් දැනුවත් වී ඇති අතර මාගේ පාලන ප්‍රදේශයේ එවැනි ක්‍රියා සඳහා කිසිවිටෙකත් ඉඩ ලබා දිය නොහැකි බවද තරයේ ප්‍රකාශ කරමි.
මෑත කාලයේදීද ඔබගේ අනුගාමින්ගේ ( වෙනත් රටවලින් පැමිණි ) නොයෙකුත් ක්‍රියා නිසා මාගේ පාලන ප්‍රදේශයේ ව්‍යාකුල තත්වයන් ඇතිවී ඇති අතර එම ක්‍රියා හෙලා දකින අතර තුරම එවැනි ක්‍රියා නැවතත් ඇති නොවීමට වගබලා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
මාගේ රැකියා විස්තරයේ මාගේ රැකියාවේ කාර්ය භාරය ලෙස සටහන් වන්නේ බෞද්ධ දර්ශනය , ශ්‍රී ලංකාව සහ එහි ජීවත් වන බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නන් කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමයි . මෙතැන් සිට ඔබ විසින් අනුබල දෙනු ලබන සියලුම කඩාකප්පල් කාරී ක්‍රියා මාගේ රැකියාවේ කොන්දේසි වලට පටහැනි ක්‍රියාසේ සලකනු ලබන අතර ඒවා මැඩපැවැත්වීමට කෝටි තිස් තුනක් වන මාගේ දේව කාර්යමණ්ඩලය යොදා ගැනීමට පසුබට නොවන බවද මෙයින් දන්වා සිටිමි .
අවසාන වශයෙන් මෙවැනි පරිපාලනමය ගැටළු වල ප්‍රතිපල බිම් මට්ටමේ අනුගාමිකයන් අතරට නොයාමට තරයේ වග බලා ගන්නා මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
මෙයට විශ්වාසී
උපුල්වන් දේවේන්ද්‍ර
මීට අවුරුදු දෙක තුනකට කලින් මේ රටේ මෙහෙම ප්‍රශ්ණයක් තිබුනේ නෑ. එදා ගැටළුව තිබුනේ එල්ටීටී ඊ එක එක්ක විතරයි. එදා එල් ටී ටී ඊ නොවන සිංහල දෙමළ මුස්ලිම් සියල්ල ඒ ප්‍රශ්නෙදී බැට කෑවා. එදා ඒකට විරුද්ධව සියළු දෙනාම එල පැත්තක් හිටියා. හැබැයි මේ දැන් අවුරුදු දෙකක තුනක ඉඳන් තව අමුතුම ප්‍රශ්ණයක් හදන්න හදනවා මේ රටේ. මම මේ කියන්නේ මුස්ලිම් අන්තවාදයක් නෑ කියලා කියන්න එහෙම නොවෙයි. හැබැයි මේ දැන් ඇතිවෙලා තියන දේවල් නම් සුළුතරේක බලය රැක ගන්න කුපාඩි ටිකක් එකතුවෙලා බෞද්ධ මුස්ලිම් කියලා දෙපැත්තට බෙදිලා කරන සෙප්පඩ විජ්ජාවක්
ReplyDeleteඅනිවා ..... අපි නෙවෙයි නේ ඒත් පටන් ගත්තේ...
Deleteඋබ මේ අනතුරු අඟැවීම කරපු එක හොඳයි.. පස්සෙ කියයි දැණුවත් කළේ නෑ කියලා...
ReplyDeleteඔව් ඔව් මේවා ඉහල මට්ටමෙන් විසඳා ගත්තනම් ලේසියි ....
Deleteඋපුල්වන් කියන්නේ යක්ෂ ගෝත්‍රික නායක දෙවි.විෂ්ණු කියන්නේ හින්දු ප්‍රධාන දෙවිවරු තුන්දෙනාගෙන් ආරක්ෂාව හා පවත්වාගෙන යාම කියන දේ කරන කෙනා.
Deleteඋපුල්වන් කියන්නේ ස්වදේශික රුහුණු දෙවි කෙනෙක්.
කෝ මේකේ යොමු අංකය... මේක නීත්‍යානූකූලව පිලිගත නොහැකි ලියවිල්ලක්.. :D
ReplyDeleteහහ් .. දෙවියන්ට ඒවත් ඕනද?
Deleteබුදු හාමුදුරුවෝ දේශණා කෙරුව ධර්මය නැති බෞද්ධ දේශයේ වැසියන්ට දෙවි පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නෙ..
ReplyDeleteමුස්ලිම් ව්‍යාප්තියක් තියෙනවා නම්, ඒකෙන් ශ්‍රී ලංකාව තවත් අරාබියක් වෙනව නම් ඒ ගැටලු විසඳන්න ප්රචණ්ඩත්වය යොදා ගන්නවට වඩා ක්‍රම තියෙනවා..
අමුතු අදහසක් බං, දෙයියෝ දෙන්නම ඕක විසඳ ගත්තොත් හොඳයි..
අනිවා ඉහල මට්ටම් වලින් විසඳෙනවා නම් අව්ලක් නෑ .......
Deleteකිව්වම මොකද උපුල්වන් වන මමත් ලංකාවෙ කෙනෙක් නොවෙමි..
ReplyDeleteමම හිතන්නේ උපුල්වන් කියන්න ලංකාවේ දෙවි කෙනෙක්. ශරීර වර්ණය නිසා විෂ්ණු දෙවියන් එක්ක පැටලෙනවා ...
Deleteඔයාට කෙලින්ම අල්ලා දෙවේන්දු ගාවට යන්න බෑ මේක වැරදි පුර්වාදර්ශයක්... මුලින්ම නබී නායේනද්ර ගාවට යන්න ඕන..
ReplyDeleteඇයි ... මේක දෙවියන්ගේ මට්ටමෙන් විසඳා ගන්න බැලුවේ ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක රෙජිස්ටර් තැපෑලෙන් ද විද්‍යුත් තැපැලෙන්ද යැව්වේ.
ReplyDeleteකුරුල්ලෙක් අතේ .. මොකද මට ලංකාවේ තැපෑල ගැන විශ්වාසයක් නෑ ...
Deleteඔයාගේ නෝනලා ටික හොදින් ඉන්නවද මානවකයෝ? අලුතිනුත් නෝනා කෙනෙක් ගත්තා නේද? ඒකවත් දිගටම තියාගන්නවද නැත්නම් පාවිච්චි කරලා අයින් කරනවද ?
ReplyDeleteමම මොනවා කරත් එකෙන් ඔයාට ප්‍රශ්නයක් වෙනවද?
Deleteරටේ ලෝකේ වෙන දේවල් ගැන කතා කරන්න කලින් තමන් පොඩ්ඩක් හැදිලා හිටියනම් හොදයි නේද මහත්තයෝ ?
Deleteමුස්ලිම් අන්තවාදෙයි මගේ හැදියාවයි අතර සම්බන්ධයක් තියනවද මහත්තයෝ .... මගේ හැදියාව ගැන කතා කරන්න එහෙම මාතෘකාවක් ගැන මම කතා කරනකන් ඉන්න ..... අනුන්ගේ කුණු හෙව්වම ඔය වගේ මහත්වරුන්ට ආතල් ආතල් බව දන්නවා .. හැබැයි ඒ ආතල් එකට ගැලපෙන වෙලාවක් එනකන් ඉන්න .......... මෙතන මගුල් ගෙවල් වල වෙස්සන්තර ජාතකේ කියවන්නේ නැතුව ...
Delete"මහත්තයා" නෙවෙයි "නෝනා". ඔය මහත්තයා කියලා. මම මේ කිව්වේ හතර වටේ වෙන දේවල් ගැන හොයල,රට ගැන මහා ලොකුවට කැක්කුමකින් වගේ කතාකලාට ඔය මහත්තයත් රට විනාස කරනවා නේ. ඔය මහත්තයට මම කියන දේ තේරෙනවා ඇතියි කියල හිතෙනවා. අනික ඔයා කිව්වා නේ "මගේ හැදියාව ගැන කතා කරන්න එහෙම මාතෘකාවක් ගැන මම කතා කරනකන් ඉන්න". මම මේ කල්පනා කලේ නැති දෙයක් ගැන කතා කරනකොට කොහොම වෙයිද කියලා.
Deleteදෙය්යන්ටම පෙනීයන්!
ReplyDeleteඅනිවා ....
Deleteමෙතන පොඩි ප්‍රශ්නයක් තියනව.දෙවිවරුන්ගෙ රෑන්ක් එක ගැන .අල්ල කියන්නෙ සර්වබලධාරි.ඔහුට සමාන දෙවියෙක් නෑ.අල්ල රජෙක් නම් උපුල්වන් ග්‍රාමසේවක කෙනෙක් වගෙයි.ඉර හද තාරකා ජීවීන් සියල්ලෝම මැව්වෙ අල්ල (උපුල්වනුත් එක්ක ). උපුල්වන් අල්ල දෙන්න සමාන නෑ.අඩුගානෙ බුදුහාමුදුරුවන් වත් අල්ලට සමාන නෑ.මොකද අල්ල මැරෙන්නෙ නෑ සදාකාලිකයි.
ReplyDeleteඋපුල්වන් ටිකක් බැගෑපත් ලීලාවෙන් ලියුම යැව්වනම් නේද හොඳ.
බුද්ධාගමේ බුදුහාමුදුරුවන්ට තියන තැනයි ඉස්ලාම් ආගමේ අල්ලට තියන තැනයි වෙනස්.බුද්ධාගමේ බුදුවරු පහල වෙනව .කර්ම බලවේගයට බුදුනුත් යටත්.නමුත් අල්ල කිසිවකට යටත් නෑ.සදාකාලිකයි.
මෙතන රෑන්ක් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ .. ඒ අයට ඒ අයගේ දෙවියා ලොකුයි අපිට අපේ දෙවියා ලොකුයි ..... අපේ ආගමේ කවදාවත් කියලා නෑ නේ අල්ලා සදාකාලීනයි කියලා ....
Deleteඉර හද තාරකා ජීවීන් සියල්ලෝම මැව්වෙ අල්ල (උපුල්වනුත් එක්ක ).
ඕක නබි තුමා කියනකොට ඊට කලින් උපුල්වන් දෙවියෝ ගැන සාදක ඕන තරම් අපිට ජනවහරේ ගන්න පුළුවන් නේ ..
ඕකට මම සරල කතාවක් කියන්නම්
ඔන්න ඔබ තුමාට දෙනවා හිස් ඉඩමක් මුකුත්ම නෑ .... යාළුවො ටිකක් ඇවිල්ල අහනවා ඉඩම ගැන එතකොට ... ඔබතුමාට කියන්න වෙන්නේ අහ්හ් මේ ඉඩමේ මුකුත් නෑ කියලා ...
හිතන්න ඔබ තුමාට ලැබෙනවා ඉඩමක් කොස් ගස් දෙකක් තියන අඹ ගහක් එහෙම තියන ... කට්ටිය ඇවිල්ලා අහනවා කොහොමද ඉඩම කියලා .... ඔබතුමා කියන්නේ
නියම කොස් ගස් දෙකක් තියනවා .. ඒ විතරද අඹ ගහකුත් තියනවා පට්ට රසයි අඹ ....
අල්ලා දෙවියෝ ඔක්කොම මවපු කතාවත් ඉතින් ඔයවගේ තමයි .....
කොයි දේ උනත් මෙහෙම දැනුවත් කරලා කරන එක හොදා.. නැත්නම් ලංකාවේ පොලිසියේ වගේ කිවුවොත් අපිව කලින් දැනුවත් කලේ නෑ කියලා එහෙම..
ReplyDeleteමේක සක්‍ර දෙවියටයි කතෝලික දෙවියටයි cc දාන්න..දේව සීල් එක තියලා අත්සන් කරනන...නැත්නම් අල්ලා දෙයියෝ ඔය ලියුම හම්බුනේ නැ කියයි..පිටපත් දෙක තුනක් කාට හරි යවන එක ඇගට ගුණයි...
ReplyDelete2020 ආපහු මේක දකිනවා කියන්නෙ.
ReplyDelete