ප්රියන්ත හැමදාම අවදි උනේ ඇද්දුම් කන යටි පතුල හරි හිරවෙච්ච පපුව හරි අතගාන ගමන් මයි .රස්සාව පටන් ගත්තත් හරි මොන පුරුවේ හතුරු කමක්ද මන්දා ගනකම් සපත්තු දෙකක් දාන්නේ නැතුව නිරුවත් කකුල් වලින් පොලව පාගන්න බැරි ප්රශ්නයක් ප්රියන්තට තිබුනා . නිකන් හරියට ගිනි පෙට්ටියකට අත පිච්චෙනවා වගේ ... කොතැන ගියත් කොහෙම හරි තිබිච්ච තියුණු දෙයක් ප්රියන්තගේ කකුලේ ඇනුනා.හරියට කුඩේකින් වෙඩි තියන්න වගේ දාහක් මිනිස්සු රබර් කටු දෙකක් වත් නැතුව ඇවිදින මහපොළවේ ප්රියන්ත ඇවිද්දොත් කොහෙන් හරි කටුවක් මතුවෙලා ප්රියන්තගේ කකුලේ ඇනුනා ... අහ්හ් ඒක විතරද ප්රියන්ත කාරයා ආවරණයක් නැතුව කොහේ හරි හිටියොත් මොන නියන් කාලෙක උනත් පොදක් වැටිලා මිනිහට ඇදීම හැදෙනවා ... ආයේ ඉතින් සතියකට ඒ මනුස්සයාගේ ගොරොද්දේ අහන්න වෙන එක ආයේ අලුත් දෙයක් නෙවෙයි ....